වයරින් එකට Quotation ගන්න කලින් ඔබ දැනගත යුතු කරුණු 8ක්…

වයරින් එකට Quotation ගන්න කලින් ඔබ දැනගත යුතු කරුණු 8ක්…

අංක 1

වයරින් ලිස්ට් එකක් දුන්නා ම, ඒ ලිස්ට් එක Electrical Shop එකකට නිකන් ම දීලා ඒ ලිස්ට් එකේ ගාණ අහන්න යන්න එපා… එහෙම කළොත් ඒ අය ඔබට quotation එක හදලා දෙන්නේ එයාල ළඟ තියෙන ගණන් අඩු ම items දාලා… ගණන් අඩු ම ඒවා දානවා කියන්නේ ඉතින් කියන්න දෙයක් නෑනේ… ඉතින් ඒ නිසා ඔබ හොඳ ම Brand එකත් එක්ක ම items ඉල්ලන්න අමතක කරන්න එපා…

අංක 2

වැදගත් ම කරුණ තමයි 1/.044″ වයර් රෝලක මිල විතරක් කීය ද කියලා අහලා එතනින් සම්පූර්ණ order එක ම මිලදී ගන්න එපා… මොක ද අහන විදියෙන් ම ඔයාව තක්සේරු කරන මුදලාලි ඔයාට හිතාගන්නවත් බැරි විදියේ අඩු මිලක් එහෙමත් නැත්තං cost එකටත් වඩා අඩු මිලක් තමයි item වලට කියන්නේ… ඔයාලා හිතන්නේ ඒ ඔයාලට තියෙන ආදරය නිසා කියල ද…? නෑ නෑ නෑ… රැවටෙන්න එපා… එයාලා හදන්නේ පොඩ්ඩක් ඔයාව සතුටු කරලා එයා ලොකු ලාභයක් ලබන්න… වයර් එකේ මිල අඩු වුන ගමන් ඔයා අනෙත් items වල මිල quality එක check කරන්නෙත් නැතුව එම shop එකෙන් ම ඔක්කෝ ම items ටික මිල දී ගන්න පෙළඹෙනවා… ඒ ඉතුරු items ටිකත් මිල අඩුවට ලැබෙයි කියලා හිතාගෙන… අන්න එතන තමයි ඔයාලට වැරදුන තැන… එයාලා වයර් එක අඩුවට දීල උන අලාභය වගේ දෙතුන් ගුණයක ලාභයක් බාල භාණ්ඩ වැඩි මිලට ඔයාට විකුණලා හොයනවා… ඒ නිසා හැම වෙලාවෙ ම එක item එකක මිල අඩු වූ පමණින් එතනින් භාණ්ඩ මිල දී ගන්නේ නැතුව සම්පූර්ණ quotation එකේ ම මිල ගණන්, ඉල්ලූ color එකෙන් ම තියේ ද කියලා චෙක් කරල ම මිලදීගන්න අමතක කරන්න එපා…

අංක 3

වයර් ගනිද්දි තමන්ට ඕන brand එකයි type එකයි කියල ම ඉල්ලන්න… මොක ද එක ම brand එකේ ජාති කිහිපයක් තියෙනවා… අපේ experience එකට අනුව recommend කරන්න පුළුවන් කැලණි Fire Shield wires , සහ ACL Fire Gauard wires… මේ brand දෙකේ ම මිල අඩු වයර් එකකුත් එයාලා හඳුන්වා දීලා තියෙනවා… ඒක තමයි කැලණි Power Plus Wires සහ ACL Super PVC wires.

අංක 4

Protection Items… ඒ කියන්නේ Main Switch, Trip Switch, MCB. මේවගේ වුණත් දැනට market එකේ නමක් දිනන් ඉන්න quality ම brand එකක් තෝරගන්න ඕනේ… දැනට අපිට නම් බය නැතිව recommend කරන්න පුළුවන් Protection items එන්නේ Life Time Warranty තියෙන ඔරේන්ජ් brand එකේ Sigma type එකේ Protection items… සමහර වෙනත් brand වලත් Life Time Warranty දෙනවා… හැබැයි හදිසියක දී හරියට වැඩ කරන්නේ නැතුව ඔබේ ජීවිතයට අනතුරක් වුණොත්… තීරණය ඔබ සතුයි…

අංක 5

හැමෝ ම කැමතියි වයරින් items ගොඩක් අඩුවට මිල දී ගන්නනේ… ඉතින් conduits වලට quotation එකක් ඉල්ලද්දි මුදලාලිලා දාන්නේ ම ගොඩක් ගණන් අඩු Fire Retardant Properties නැති කහ පාට බට… ඔයා හොඳට මතක තියාගන්න… මේ කහ පාට conduit බටවලට ගින්නක් අඩු කරන්න නෙමෙයි වර්ධනය කරන්නයි පුළුවන්කමක් තියෙන්නේ… අපි හැමවිට ම නිර්දේශ කරන්නේ සුදු පාටින් එන Fire Retardant Properties තියෙන Polycrome Conduit බට… ඉතින් ගණන් අඩුවට Conduits අරගෙන ඔයාගේ සමීපතමයන්ගේ ජීවිත අනතුරේ දාගන්නව ද නැද්ද යන්න ඔබට බාරයි…

අංක 6

මුදලාලිලා හැමවිට ම උත්සාහ කරන්නේ තමන්ගේ කඩේ තමා ගණන් අඩු ම කියලා orders තමන් සතු කරගන්න…
Wiring Items ගැන හරි අවබෝධයක් නැති ගොඩක් මිනිස්සු
අඩු මිලට රැවටිලා ජීවිත අවධානමේ දාගන්නවා… Bus Bar සහ Earth Rods කියන්නේ Quotation එකක මිල ගොඩක් අඩුවට පෙන්නන්න පුළුවන් items දෙකක්… සමහර බාල Earth Rods තියෙනවා පොළොවට සවිකරලා මාස කීපයක් යද්දී පස්වෙලා යනවා… ඒ වගේ ම සමහර Bus Bar තියෙනව අතින් නමද්දි උනත් Bus Bar එකේ කෑලි නැමෙන… නමුත් ආරක්ෂාව ගැන හිතන ඔබට මම නිර්දේශ කරන්නේ හොඳ ම Quality එකෙන් එන කෙවිල්ටන් Bus Bar සහ Earth Rod…

අංක 7

Switch වල සහ Sockets වල මිල ගණන් Brand එකෙන් Brand එකට Type එකෙන් Type එකට පාටින් පාටට වෙනස් වෙනවා… ඔයාට ඕනේ අතේ තියෙන මුදලට ඔයා කැමති Switch එකක් හෝ Socket එකක් මිල දී ගන්න නම්, අපේ experience එක අනුව අපි recommend කරන්නේ Kevilton, ACL සහ Connect කියන Brand වල Switches පමණයි… Quotation එකක් ගන්න ඉන්න ඔයා සැලකිලිමත් විය යුතු කාරණයක් තමා මේක… ඔයා Shops කිහිපයක Quotations සංසන්දනය කරන්න ඉන්නවා නම් එක ම Brand එකේ එක ම ටයිප් එකේ එක ම Color එකේ Switches සහ Sockets වල quotations ලබාගෙන මිල සංසන්දනය කරන්න අමතක කරන්න එපා… උදාහරණයක් කිව්වොත් ඔයා එක Shop එකකින් Kevilton White Series වලින් Quotation එකක් අරගෙන අනිත් කඩෙන් Kevilton Modular Series වල Black Color එකකින් Quotation එකක් ගත්තොත් Quotation වල මිල ගණන් වෙනස් වෙනවා… එතකොට ඔයා ගන්න තීරණය කරන Shop එක වැරදි වෙන්න පුළුවන්…

අංක 8

Quotation එකක් ගද්දී වැල් අකුරෙන් ලියපු අපැහැදිලි කොටේෂන් එකක් නැතුව පැහැදිලි items වල සම්පූර්ණ විස්තර දාලා හදපු quotation එකක් ඉල්ල ගන්න… මොකද සමහරු Life Time Warranty තියෙන Orange Sigma දානවා කියලා මිලදී ගද්දි Five Years Warranty තියෙන Orange Alpha දානවා… නැත්නම් වෙන Brand එකකින් දානවා… ඉතින් දැන් පැහැදිලියි නේ… ගොඩක් Electrical Shops කරන රැවටීම්… රැවටිලා එයාගේ ජීවිතයේ අවදානමේ දාගන්නව ද එහෙමත් නැත්නම් නිවැරදි තීරණයක් අරගෙන ඔයා ඔයාගේ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂා කර ගන්නව ද…? තීරණය ඔබ සතුයි…

මේ වගේ ඔබට වැදගත් වෙන දේවල් දැනගන්න අපිත් එක්ක රැඳී සිටින්න. අපි නාත්තන්ඩිය ඉලෙක්ට්‍රිකල්ස්…

www.nattandiyaelectricals.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Island-Wide COD
Delivery Available
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare